සදුදා, 24 අප්‍රේල් 2023 22:35

මුග්ධ ආගමික කල්ලියක ගොදුරක් වී ස්වර්ගයට යන්න ප්‍රාර්ථනා කළ කෙන්යාවේ මිනිස්සු කුසගින්නේ මිය යයි Featured

අන්ධ භක්තිය යනුම ව්‍යසනයකි. ආගමික කල්ලි විෂයෙහි ඇති කරන අතාර්කක සහ මුග්ධ භක්තිය අහේතුකව මිනිසුන්ගේ ජීවිතවලට වින ආකාරය පිළිබඳ ඕනෑ තරම් සාක්ෂි සාධක මිනිස් සමාජවලින් හමුවේ. නොබෝදා එවැනි සිදුවීමක් වාර්තා වෙන්නේ කෙන්යාවේ වෙරලබඩ ගම්මානයකිනි.

කුසගින්නේ සිටීමෙන් ස්වර්ගවට යා හැකි බවට විශ්වාස කරන කෙන්යාවේ පල්ලියක් මුල් කරගත් ආගමික කල්ලියක භක්තිකයන්ගෙන් 21 දෙනකු මේ වන විට මියගොස් ඇතැයි හඳුනාගෙන ඇත. ඒ ඔවුන් මිහිදන් කළ බවට හඳුනාගත් සොහොන් භූමිවල සිදුකළ කැණීමකිනි.

දෙවියන් හමුවීම සඳහා කුසගින්නේ මිය යෑමට මෙම භක්තිකයන් සිය දරුවන්ද යොදාගෙන තිබීම මේ සිදුවීමේ දරුණුම ඛේදවාචකය විය. මියගොස් තිබුණේ පවුල් පිටිනි.

කෙන්යිවේ මාලින්දි නගරයේ ශකහෝලා වනාන්තරය අසළ එම සොහොන් තිබිණි. එම පල්ලියේ හිටපු සාමාජිකයකු වූ ටයිටස් කටානා නැමැත්තේක් මෙලෙස කුසගින්නේ මියගිය අයගේ සොහොන් හඳුනා ගැනීමට පොලිසියට උදව් කර තිබිණි.

Haki Africa නම් මානව හිමිකම් සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන මැතිව් ෂිපෙටා පැවසුවේ වනාන්තරයේ නොගැඹුරු සොහොන් 15ක්වත් තමන් දැක ඇති බවයි.

විමර්ශකයින්ට උදව් කරන ළමා නිවාසයක කළමනාකාරිනිය වන හෙලන් මිකාලි පැවසුවේ දෙමාපියන් සහ දරුවන් අතුරුදහන් වූ අවට ගම්මාන කිහිපයකට ඇය ගොස් ඇති බවය.

“පෞද්ගලිකව මම ළමා සොහොන් 18ක් පමණ ගොස් තිබෙනවා,” මිකාලි සිටිසන් ටීවී වෙත පැවසීය. සොහොන්වල දරුවන්ගේ දේහයන් ඇති බව ඇය දැනගත්තේ කෙසේදැයි ඇය කීවේ නැත.

කුසගින්නේ සිටීමෙන් මිය ගිය බවට සැකකෙරෙන මිනිසුන්ගේ සොහොන් 32කින් සිරුරු 7ක් ඉවත්කරගෙන ඇති බවටත් එරට පොලිසිය කියා සිටියි.

 

fdv

 

බේරාගත් පිරිස


මේ පල්ලියේ අනුගාමිකයන්ගේ ක්‍රියා පිළිබඳව citizen රූපවාහිනි නාලිකාව විසින් ප්‍රචාරය කිරීම නිසා ඒ පිළිබඳ අවධානය යොමුකරන ලද කෙන්යා පොලිසිය කුසගින්නේ මිය ගොස් ස්වර්ගයට ගිහින් දෙවියන් හමුවීමට අපේක්ෂාවෙන් සිටි 15 දෙනෙක් පසුගිය සතියේදී බේරා ගත්තේය.

බේරාගත් බැතිමතුන් 15 දෙනාට ඔවුන්ගේ නිර්මාතෘ හමුවීමට හැකි වන පරිදි කුසගින්නේ මිය යන ලෙසට මෙම ආගමික කල්ලිය විසින් උපදෙස් දී තිබේ. එහෙත් ඔවුන්ගෙන් හතර දෙනෙක් රෝහලට යාමට පෙර අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබිණි.

මාරක කල්ලිය

මේ මතවාදය පතුරුවමින් ඇත්තේ Good news නැමැති අන්තර්ජාතික කතෝලික පල්ලියක් වටා බිහිවන කල්ලියක් විසිනි. කුසගින්නේ සිටීමෙන් ස්වර්ය වෙත ගමන් කළ හැකි බව මේ අන්තවාදී කල්ලිය ලොව පුරාම මතවාදයක් පතුරුවා තිබිණි.

කෙන්යාව යනු අන්තවාදී ආගමික මතවාද වැළඳ ගැනීමේ මහත් අභිරුචියක් සහිත මනෝභාවයකින් යුතු ජන කණ්ඩායම් ජීවත්වන රටකි. මේ කතෝලික පල්ලිය විසින් එම බිම ස්වකීය සරු ගොදුරු බිමක් බවට පත් කරගෙන තිබිණි.

කුසගින්නේ සිටීමෙන් ස්වර්ගය කරා යා හැකි බවට විශ්වාස කරන පල්ලියේ නායක Paul Mackenzie ය. මේ මාරක කල්ලිය මෙහෙයවමින් සිදුකළ සාපරාධී ක්‍රියාව පදනම් කරගෙන පොලිිසය ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි. එන්ටීවී වාර්තා කළේ මැකෙන්සි පසුගිය සතියේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ සිර මැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇති බවයි.

rfccපෝල් මැකෙන්සි… දෙවියන් ලඟට යන්න මිනිස්සු හාමතේ මරණ කල්ලි නායකයා…

 

පිරිමි ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් කුසගින්නෙන් පෙළීමට අනුබල දීම සහ ඔවුන්ට තම දරුවන් හුස්ම හිරකර මරා දැමීමට දිරිගැන්වීම සම්බන්ධයෙන් පසුගිය මාසයේ පොලිසිය මැකෙන්සි අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලදී.

එම නඩුවට උසාවියේදී මැකෙන්සි පෙනී සිටියේය. ඔහු කීවේ පිරිමි ළමයින් දෙදෙනාගේ මරණයට හේතු වූ සිදුවීම් පිළිබඳව තමා නොදන්නා බවය. ඔහුගේ සමහර හිටපු සගයන්ගේ සතුරු ප්‍රචාරවල ඉලක්කය තමා බව ද ඔහු විසින් අධිකරණයට කී ආකාරය ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කළේය.

මැකෙන්සි සමග සගයන් හය දෙනෙකු ද අත්අඩංගුවට ගත් ගත් බවත් ප්‍රාදේශිය මාධ්‍ය වාර්තා කර තිබුණි.

ආගමික අන්ධ භක්තිය ලෝකය යුද්ධ කරා ගෙන ගියේය. ජීවිත ලක්ෂ ගණන් මේ ලොවට නිකරුණේ නැති කළේය. නිකරුණේ පවුල්වල සාමාජිකයන් ඔවුන්ට අහිමි කළේය. එසේම තවත් කාරණයක් පැහැදිලිව පෙනෙන්නට ඇත. ආගමික අන්තවාදී මත වැඩි වශයෙන් පැතිර යන්නේ බඩගින්නේ මිනිසුන් විඳවන රටවලදීය.

බඩගින්න මිනිසුන්ගේ මොළ සූරා කයි. මෙලොව ජීවිතයේ නැති ඔවූහු සැපත මිය යෑමෙන් පසු ලෝකයෙන් බලාපොරොත්තු වෙති. ලෝකය වැඩිවශයෙන් ඛේදවාචකයක් බවට පත් කරන්නේ බඩගින්නයි.

 

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website