සෙනසුරාදා, 27 මැයි 2023 14:54

දකුණු කොරියානු ගුවන් යානයේ හදිසි දොරටුව ඉහළ අහසේදී විවෘත කරලා Featured

සැකකාර මගියා අත්අඩංගුවට

පියාසර කරමින් තිබූ දකුණු කොරියානු දේශීය ගුවන්යානයක සිටි මගියකු හදිසි දොරටුව විවෘත කිරීම හේතුවෙන් ඊයේ ඩයිගු ගුවන්තොටුපොළේ කලබලකාරී වාතාවරණයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒසියන් ගුවන් සේවයට අයත් එම ගුවන් යානයේ හදිසි දොරටුව විවෘත කර ඇත්තේ ගොඩබෑමට මොහොතකට පෙරය. ඒ වන විට ගුවන් යානය මීටර් 250ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබූ බව ද වාර්තා වේ. හදිසි දොරටුව විවෘත වීමත් සමඟ ගුවන් යානයේ සිටි මගින් 194 දෙනා දැඩි කළබලයට පත් වී ඇතැයි ද, ඇතැම් මගීන් සිහිසුන් නැතිව ගුවන්යානය ඇතුළත ඇද වැටී ඇති අතර, තවත් පිරිසක් ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ අපහසුතාවට ලක් වී ඇත. ගුවන් යානය ගොඩ බැස්වීමෙන් පසු සැකකාර මගියා අත්අඩංගුවට ගෙන තිබේ. දොරටුව විවෘත කිරීමෙන් පසු එම මගියා පිටතට පැනීමට ද උත්සාහ ගත් බවට සාක්ෂි ලැබී ඇතැයි එම ගුවන්තොටුපොළේ පොලිසිය ප්‍රකාශ කර තිබේ.

 

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website