බ්‍රහස්පතින්දා, 06 ජූලි 2023 16:21

ධවල මන්දිරයෙන් කොකේන් සොයා ගනී Featured

අමෙරිකාවේ ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයේ බටහිර කොටස තුළින් කොකේන් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.මීට දිනකට පෙර සැක කටයුතු කුඩු වර්ගයක් සොයාගත් බව නිවේදනය කරමින් ධවල මන්දිරයේ සියලුම කාර්ය මණ්ඩලය

තාවකාලිකව ඉවත් කිරීමට පියවරගත් බුද්ධි අංශයේ නිලධාරීන් එම කුඩු වර්ගය කොකේන් මත්ද්‍රව්‍ය බව අනාවරණය කරගෙන ඇත්තේ ඒ පිළිබඳ කළ පරීක්ෂණයකදීය.

ධවල මන්දිරයේ ආරක්ෂාව බාරව සිටින බුද්ධි අංශයේ නිලධාරින් විසින් එහි බටහිර ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී පළමුව මේ කුඩු වර්ගය සොයාගෙන තිබිණි.

මේ සම්බන්ධව විමර්ශනයක් සිදුවන බැවින් වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමෙන් ධවල මන්දිරයේ ප්‍රකාශකයන් වැළකී සිටින බව ද වාර්තා වේ. එම කුඩු වර්ගය කොකේන් මත්ද්‍රව්‍ය බව අනාවරණය වීමෙන් පසු ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලයට නැවත එහි
ප්‍රවේශවීමට අවසර ලැබී තිබේ. එම ද්‍රව්‍යය අනතුරුදායක නොවන බව තක්සේරු කිරීමට සහ තීරණය කිරීමට කොලොම්බියා දිස්ත්‍රික්කයේ ගිනි නිවන ඒකකය ද කැඳවා තිබිණි.

 

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website