අඟහරුවාදා, 18 ජූලි 2023 10:56

ඇමෙරිකාවේ හින්දුෆෝබියාවක් Featured

ඇමෙරිකාවේ සිටින ලක්ෂ තිහක් පමණ වන හින්දු ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීමට එරෙහිව සමුළුවක් ඇමෙරිකාවේ කැපිටල් හිල් හිදී පැවැත්විණි.

ඊට රිපබ්ලිකන් පක්ෂයේ සහ ඩිමොක්‍රටික් පක්ෂයේ කොංග්‍රස් සභිකයින් කිහිප දෙනෙකු ද නීති සම්පාදකයින් කිහිප දෙනෙකු ද සහභාගී වීම විශේෂත්වයකි.ජාතින හින්දු උපදේශක දිනය වෙනුවෙන් මෙය සංවිධානය කරනු ලැබීය.උතුරු ඇමෙරිකානු හිංදු සන්ධානය විසින් මෙය සංවිධානය කර තිබුණි.ඇමෙරිකාවේ වෙසෙන හිංදු ජනතාවට එරෙහිව සිදුවන හිංසාවන් ඉහළ යමින් පවතින බව සන්ධානය චෝදනා කරයි. මෙය හිංදුෆෝබියාවක් යැයි පවසයි. යම් ජන කොට්ඨාසයක් හෝ ආගමක් මුල් කරගෙන හිංසනය කිරීමට එරෙහිව ඇමෙරිකානු ව්‍යවස්ථාවට නීති සම්පාදනය කර තිබේ. ඩිමොක්‍රටික් පක්ෂයේ කොංග්‍රස් සභික රිච් මැක්කෝමික් පවසන්නේ කොවිඩ් 19 වසංගතය හමුවේ ඉන්දීය ජාතිකයින් ගෙන් ඇමෙරිකානු ප්‍රජාවට විශාල සේවාවක් සිදුවූ බවය. එය කිසි සේත් අමතක කළ නොහැකි බව ද සදහන් කරයි.ඈමෙරිකාවේ සිටින බෞද්ධ, මුස්ලිම් සහ කතෝලික ජනතාවට වඩා හිංදු ජනතාවට එරෙහිව නැගෙන විරෝධය වැඩිවෙමින් පවතින බව ද වාර්තා වේ.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website