සදුදා, 07 අගෝස්තු 2023 17:35

ශල්‍යකර්මයකින් තොරව “හර්නියා” සුව කරන හෝමියෝපති ප්‍රතිකාර Featured

● වෛද්‍යතුමනි, හර්නියා අමාරුව කියලා හඳුන්වන්නේ කුමන රෝගී තත්ත්වයක්ද?

හර්නියා අද වත්මන් සමාජයේ බොහෝ දෙනෙකුට දකින්න ලැබෙන රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. හර්නියා අමාරුව ලෙස හඳුන්වනු ලබන්නේ ශරීරයේ කුහරයක් ලෙස ඇති ස්ථානයක එම කුහරයේ බිත්තියේ ඇති කිසියම් දුර්වල ස්ථානයක් හරහා එම කුහරය ඇතුළත ඇති ඉන්ද්‍රයන් හෝ එම ඉන්ද්‍රයන් වටා ඇති පටක පිටතට නෙරා ඒමයි.

මෙවැනි දුර්වල ස්ථානයන් හරහා පිටතට අභ්‍යන්තර ඉන්ද්‍රයන් නෙරා ඒම බහුලව දකින්න ලැබෙන්නේ බඩ ඇතුළත දක්නට ඇති උදරය මගිනුයි. මෙහිදී අපි කහින විට හෝ කිවිසුම් කරන විට බඩ ඇතුළත උදර කුහරය තුළම තෙරපීමක් ඇතිවී දුර්වල ස්ථානයෙන් පිටතට තල්ලු වීමක් දකින්න ලැබෙනවා.

● වෛද්‍යතුමනි, තමන්ට හර්නියා එකක්ද කියලා ස්ථිරව දැන ගන්න ක්‍රමයක් තියෙනවාද?

උදරයේ හර්නියා අමාරුවක් නිසා ඇතිවන ගෙඩියක් වැනි ස්වභාවය කහින විට හා කිවිසුම් පිට කරන විට එම වෙනස ඇතිවන ස්ථානයට අත තැබූ විට අත තල්ලු වීමක් දකින්න ලැබෙනවා. මෙම ලක්ෂණ (cough reflex) කියලා හඳුන්වනවා. මෙම ලක්ෂණය වෛද්‍යවරයාටත් රෝග විනිශ්චයට වැදගත් වනවා.

වැඩිදුරටත් Barium x ray,Endoscopy,Scan මගින් නිශ්චිතව හඳුනා ගන්න පුළුවන්. සිරුරේ හර්නියා ඇතිවන ස්ථාන පැහැදිලි කරන්න. හර්නියා අමාරුව ඇතිවන ස්ථානය හා ආකාරය අනුව විවිධ නම් වලින් හඳුන්වනවා.

● ඉකිලි ප්‍රදේශයේ ඉහළින් – Inguinal Hernia

ප්‍රධානම හර්නියා වර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අපගේ ඉකිලි ප්‍රදේශයේ ලිංගික අවයව වලට දෙපැත්තට වන්නට උදර බිත්තියේ ස්වභාවයෙන්ම පිහිටා ඇති “උමගක්” ආකාරයේ Inguinal Canal නම් වූ ස්ථානය ආශ්‍රිතව හටගන්නා මෙම හර්නියා විශේෂය මිනිසාගේ උදරය ආශ්‍රිතව හටගන්නා හර්නියා අමාරුවෙන් 75% ප්‍රධානව දක්නට ලැබෙන හර්නියා වර්ගයන් බව සඳහන් කළ යුතුයි. මෙය ස්ත්‍ර, පුරුෂ දෙපාර්ශවයට ඇතිවන හර්නියා වර්ගයක් වුවත් පුරුෂයන් හට වැඩි වැඩියෙන් දක්නට ලැබෙනවා. මෙය උදර කුහරය තුළ ඇතිවන පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය.

● ඉකිලි ප්‍රදේශයට පහළින් – Femoral Hernia

ඉකිලි ප්‍රදේශයේ ටිකක් පහළට වන්න මෙය හටගන්නවා. පුරුෂයන්ගේ වෘෂණ කෝෂ දක්වා ගමන් කරන මාර්ගයේ මෙය ඇති වෙනවා. නමුත් කාන්තාවන්ට බහුලව මේ තත්ත්වය දක්නට ලැබෙනවා.

● බුරියේ හර්නියා – Umbilical Hernia

බුරියේ හර්නියාව වැඩිහිටි වියේදී ශරීරය හෝ බඩ මහත වීම නිසා හෝ ගර්භණීතාවය නිසා ‘බුරිය’ හෙවත් නාභිය අසලින් දුර්වල ස්ථානය මතුවී හර්නියා තත්ත්වයක් ඇතිවිය හැකි වනවා. කාන්තාවන්ට වැඩි වශයෙන් දකින්ට ලැබෙනවා.

● ශල්‍යකර්ම කැපුම් ස්ථානයේ හර්නියා – Incisional Hernia

වෛද්‍යවරයා විසින් සිදුකරන කැපුම් තුවාලය (උදාහරණ ලෙස උදර බිත්තියේ කපා සිදුකරන ශල්‍යකර්ම) පසුකලෙක දුර්වල වී ඒ තුළින් හර්නියා තත්ත්වයක් ඇතිවිය හැක. මෙය ප්‍රතිකාර කිරීමට

★ දුම්පානය පටක දුර්වල කරනවා

★ ශල්‍යකර්ම වලදි සිදුවන වෙනස්කම් නිසා

★ පවුලේ ඉතිහාස ජානමය තත්ත්ව

★ දීර්ඝකාලීන පවතින කැස්ස

★ දීර්ඝකාලීන පවතින මලබද්ධය

★ අධික බර ඉසිලීම

★ සංගීත භාණ්ඩ කටින් පිබීම

★ ගර්භණි තත්ත්වයට පත්වීම සිදුවීමේදී ඇතිවන පීඩන නිසා

★ ආමවාතය හෙවත් ගැස්ට්‍රයිටිස් දීර්ඝකාලීනව පැවතිම

වෛද්‍යතුමනි,හර්නියා අමාරුවකදී දැකිය හැකි රෝග ලක්ෂණ

★ ඉකිලි ප්‍රදේශය අවට කිවිසුම් යන විට, තටමන විට හෝ කුඩා ගුලියක් හෝ ගෙඩියක් වැනි දෙයක් ඉලිප්පීමක් වැනි දෙයක් දක්නට ලැබෙනවා.

★ හිරවෙනවා වගේ වේදනාවක් ඇතිවීම

★ ඇතැමුන්ට පිච්චෙනවා වගේ දැනීම

★ hiatus hernia වැනි තත්ත්ව වලදී පපුව ප්‍රදේශයේ වේදනාව, ගිලීමේ අපහසුතාව,උදරයේ වේදනාව, උගුරේ ඇතිවන වේදනාව, කෑමෙන් පසු හුස්ම ගැනීමේ අපහසුතාව උදරය හෝ පපුව අතර කැක්කුම, යම් කාර්යකට පසු හෝ නිරතුරු හති දැමීම

● වෛද්‍යතුමනි, සඳහන් කරන්න හර්නියා තත්ත්වයකදී හෝමියෝපති ප්‍රතිකාර වලට යොමුවිය යුත්තේ ඇයි?

හර්නියා ශල්‍යකර්ම කරලා ඉවත් කරගන්න පහසුයි. නමුත් ඇතැම් අයට ශල්‍යකර්මයෙන් පසු යම් යම් ප්‍රශ්න වලට මුහුණදිය යුතු වනවා. දිගටම පවත්නා වේදනාව, තුවාලය පැසවීම, අදාළ ස්ථානයේ ස්නායු හා නහර යම් තුවාල වීමකට ලක්වීම, ආසන්නයේ ඇති ඉන්ද්‍රියන්ට තුවාල වීමට ඇති හැකියාව වැඩිය. ප්‍රධානම දේ නැවත වරක් එම ස්ථානයේ හර්නියා අමාරුව නැවත හටගැනීම දක්නට ලැබීම.

● වෛද්‍යතුමනි, හර්නියා හෝමියෝපති ප්‍රතිකාර මගින් සුවකර ගත හැකිද?

ඇත්තෙන්ම හෝමියෝපති ප්‍රතිකාර මගින් හර්නියා රෝගය හොඳ කරන්න පුළුවන්. මෙම ප්‍රතිකාර ක්‍රමය තුළ හර්නියා වර්ග අනුවත්, ස්ථානය අනුවත් ඒ දැනෙන රෝග ලක්ෂණ අනුව දිය යුතු ඖෂධ තිබෙනවා.

 

fhtutyereඑච් කේ හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ

වෛද්‍ය අනුෂා හේමකුමාර
එච් කේ හෝමියෝපති හෙල්ත් කෙයාර්
නො.12, පී. බී. අල්විස්
පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website