අඟහරුවාදා, 08 අගෝස්තු 2023 08:22

ආදිවාසීන්ගේ වරිග සභාව අද දඹානේදී රැස්වෙයි Featured

ආදිවාසි නායකයන්ගේ වරිග සභා රැස්වීම අද (08 දා) රාත්‍රියේ දඹානේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම රැස්වීමට ප්‍රාදේශීය ආදිවාසි නායකයන් පැමිණෙන අතර ආදිවාසි නායක ඌරුවරිගේලාගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් පිරිස රැස් වෙති.

හෙට (9 දා) සිහි කෙරෙන ලෝක ආදිවාසීන්ගේ දින පැවැත්වෙන වැඩසටහන් මෙන්ම ආදිවාසි ජනතාවට අද තදින්ම බලපා තිබෙන වගා කිරීමේ අර්බුදය සහ අධික නියඟයෙන් ඇතිවී තිබෙන ජල ගැටලු ඇතුළු කරුණු රැසක් අද වරිග සභාවේදී සාකච්ඡාවට ලක් කෙරේ.


නෝමන් පලිහවඩන

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website