අඟහරුවාදා, 08 අගෝස්තු 2023 08:31

උඩවලව ජලාශයට ජලය මුදා හරී Featured

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම ආරම්භ කර තිබේ. විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා පැවසුවේ අද (08) අලුයම 03 සිට පළමු වටයේ දින තුනක් සඳහා ජලය මුදාහරින බවය.

දිනකට කියුබික් මීටර් මිලියන 3.5 බැගින් ජලය මුදාහැරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.වසර 20 කට පසු මහවැලි වලව කලාපයට බලපෑ දරුණුතම වියළි කාලගුණයත් සමඟ උඩවලව ජලාශයේ ජලය සිඳීයාමෙන් ඇති වූ අර්බුදකාරි තත්ත්වය මේ වනවිට තවත් තීව්‍ර වී තිබේ.අක්කර අඩි 217,800ක සමස්ත ජල ධාරිතාවක් දැරිය හැකි උඩවලව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාවය ඊයේ (07) උදෑසන වන විට අක්කර අඩි 956 දක්වා පහළ බැස තිබුණි.එය ප්‍රතිශතයක් ලෙස ගත් කල ජලාශයේ සමස්ත ජල ධාරිතාවෙන් 0.45%ක අගයකි.

 

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website