බදාදා, 09 අගෝස්තු 2023 09:27

නියඟය අස්සේ සෞඛ්‍ය අවදානමක් Featured

වයිනට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම මඟින් ඉදිරියේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, උණුකර නිවාගත් ජලය පානය කිරීමෙන් මෙම රෝගවලින් වැළකීමට හැකියාව ලැබෙන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය විජේසිංහ මහතා,

"මේ නියං සමයත් එක්ක සාමාන්‍ය ජල මුලාශ්‍ර සිඳී යෑම නිසා ජලය සපයා ගැනීම ජනතාවට දැඩි ගැටලුවක් බවට පත්වෙමින් පවතිනවා. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලට යනකොට, දුෂ්කර ප්‍රදේශවලට යනකොට මේ තත්ත්වය බරපතළ තත්ත්වයක් බවට පත්වෙමින් තියෙනවා. එහිදී ළිං, නළ ළිං ආදිය මේ නියං තත්ත්වය සමග සිඳීයෑම නිසා ජනතාවට පානීය ජලය සොයාගැනීම දැඩි දුෂ්කරතාවයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා තිබෙන ජල මුලාශ්‍රවලින් ජලය සපයා ගන්න ඔවුන් උත්සාහ කරනවා. එහිදි ඒ ජල මුලාශ්‍රවල යම් යම් අපිරිසිදුවීම් විෂබීජ ආසාදනයන් තිබීමට යම් සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා ඉදිරියේ දී මේ ජල මුලාශ්‍රවලින් මේ ජනතාව ජලය භාවිත කරන විට පාචනය හා අතීසාරය වැනි රෝග තත්ත්වයන් මතුවීමේ යම් අවදානමක් තියෙනවා. ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබ පානය කරන ජල මුලාශ්‍රය පිරිසිදු නොවන බවට ඔබට යම් සැකයක් තියෙනවා නම් අඩුම තරමේ ඒ ජලය උණුකර නිවා පානය කරන්න."

ADN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website