බ්‍රහස්පතින්දා, 10 අගෝස්තු 2023 08:13

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය අවුල් Featured

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී හෙළිදරව් වී ඇත.ඒ අනුව, ඊට අදාළ දූෂණ හා වංචා සෙවීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට හා තෙමසක් ඇතුළත වාර්තාවක් කැඳවීමට ද කෝප් කමිටුව නිර්දේශ කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි.විගණන කමිටුව වර්ජනය කළ අනධ්‍යයන විධායක නිලධාරීන්ගේ මතයට කමිටුවේ විශේෂ සවන්දීමක් මෙහි දී සිදු ව තිබේ.එසේම,විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයට රජයේ මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීමට නොහැකි බව ද කෝප් කමිටුවේ දී අවධාරණයට ලක් වී ඇත. ඒ අනුව,ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන් 63කගෙන් රුපියල් මිලියන 25ක් අයකර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ද කෝප් කමිටුව නියෝග කර තිබේ.මේ අතර, මියගිය මහාචාර්යවරියකගේ ස්වාමියාට රුපියල් මිලියන 07කට අධික මුදලක් නීති විරෝධී ලෙස ගෙවීම පිළිබද වහාම පියවර ගැනීමට ද කෝප් කමිටුව නියෝග කර ඇත. ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා රුපියල් මිලියන 3.2ක් අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමටත් කමිටුව විසින් නිර්දේශ කර තිබේ.මේ අතර, මිලියන 7.5ක වියදමින් ඉදිකරන ලද කලාගාරය වසර 06කට වැඩි කාලයක් නිෂ්කාර්යව පැවතීම, රුපියල් මිලියන 8.3ක වියදමින් ආරම්භකරන ලද පරිගණක පද්ධතියේ වැඩ වසර 06ක් ගතවුව ද අවසන් කර නොතිබීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙහි දී අවධානය යොමු ව ඇත.

 

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website