බ්‍රහස්පතින්දා, 10 අගෝස්තු 2023 08:16

අරුණපුර ගොවි පවුල් 255 ක ඉඩම් ඉවත් කර බහුජාතික සමාගමකට Featured

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති

මහවැලි කලාපයට අයත් අරලගංවිල අරුණපුර ප්‍රදේශයේ පාරම්පරික ගොවි පවුල් 225 ක් ඉවත් කර බහුජාතික සමාගමකට ඔවුන් සතු අක්කර 17,500 ක් ලබාදීමට බලධාරීන් කටයුතු කරනවා යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඊයේ (09දා) පැවැසීය.

මෙම ගොවි පවුල් අතර සිංහල, දෙමළ, මුස්ලිම් යන පිරිස් සිටින බවත් මෙම පිරිස් ඉවත්කර බහු ජාතික සමාගමකට තණකොළවැවීම සඳහා ඉඩම් ලබාදීමට උත්සාහ කරන බවත් තෙන්නකෝන් මහතා කීය.

යුද්ධය පැවැති සමයේත් මෙම ඉඩම් අතහැර නොගිය පවුල් 07 ක් සිටින බවත්, යුද්ධය අවසන්වීමෙන් පසු ඉතිරි පවුල් නැවත පැමිණ ගොවිතැන ඉතා සාර්ථකව සිදුකරගෙන යන බවත් ඒ මහතා කීය.


චමින්ද සිල්වා

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website