සිකුරාදා, 11 අගෝස්තු 2023 08:36

මහනුවර සිට මාතලේට කෝච්චියේ යන අයටයි Featured

දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මහනුවර සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට සිදුවන බව

ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගය නඩත්තු කිරීමක් හේතුවෙන් මෙලෙස අදාළ කොටසේ දුම්රිය ධාවනව තාවකාලිකව නැවැත්වීමට පියවර ගෙන ඇත.එබැවින් මෙම මස 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 21 වැනිදා පෙරවරු 04.00 දක්වා එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදු නොවන බව ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය.

 

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website