සෙනසුරාදා, 12 අගෝස්තු 2023 11:10

සී. අයි. ඩී. කොස්තාපල් කුඩු එක්ක මාට්ටු Featured

ආදුරුප්පු වීදිය පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව කොළඹ ඔරුගොඩවත්තේ සිදුකළ වැටලීමක දී රහස් පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු පෙරේදා (10 දා) හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පොලිස් කොස්තාපල්වරයා මත්කුඩු භාවිත කරන අයකු බවට ඔරුගොඩවත්ත ප්‍රදේශවාසීන් කීපදෙනකු දැනුම් දීම නිසා මොහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කොස්තාපල්වරයාගෙන් පොලිසිය ප්‍රශ්න කළ මොහොතේ මොහු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයකු බව අනාවරණය වී ඇත.

මෙම පොලිස් කොස්තාපල්වරයා ගෙන් ආදුරුප්පු වීදිය පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යයි.

කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් පරිදි මෙම කොස්තාපල්වරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

නෝමන් පලිහවඩන

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website