සෙනසුරාදා, 12 අගෝස්තු 2023 11:14

අගවිනිසුරුට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම විසිවෙයි Featured

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට එරෙහිව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (11දා) ප්‍රතික්‍ෂේප කරන ලදී.

එම පෙත්සම පදනම් විරහිත අසත්‍ය හා අධිකරණය නොමග යවන සුළු කරුණු පදනම් කරගෙන ගොනුකර ඇතැයි කියමින් නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා මතු කළ මූලික විරෝධතා පිළිගත් මූර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

රටේ ඉහළම අධිකරණය හමුවේ මෙවැනි පදනම් විරහිත පෙත්සමක් ගොනු කිරීම මගින් පෙත්සම්කාර නීතිඥවරයා අධිකරණය සතු අධිකාරි බලය, ගෞරවය හා මහජන විශ්වාසය අවමානයට හා අවතක්සේරුවට ලක්කර ඇතැයි ඒකමතිකව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඬුල්ල පැවසීය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නීතිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ දක්වා තිබූ කරුණු මගින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකළ බවත් ඒබැවින් අගවිනිසුරුවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා ලෙසත් කියමින් පෙත්සම්කරු එම පෙත්සම ගොනුකර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website