අඟහරුවාදා, 15 අගෝස්තු 2023 10:04

මෙරට නාවික පර්යේෂණ කඳවුරක් ඉදිකිරීමට ප්‍රංශ රජයෙන් යෝජනාවක් Featured

ප්‍රංශ රජය විසින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ නාවික පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවය.

"ටීවි දෙරණ" ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

"මේ ප්‍රථම වතාවටයි හෙළිකරන්නේ, කිසිදු මාධ්‍යක මේක පළ නොවුණු කාරණයක්. ප්‍රංශය ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රංශයේ නාවික පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර තුළ ඇති කරන්න. නාවික හමුදාව ඒකට සම්පූර්ණ එකඟතාවය පළකරලා තියෙනවා. බුද්ධි අංශ නම් කියලා තියෙනවා මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ප්‍රංශය කියන්නේ ජාත්‍යන්තර යුද දේශපාලනයේ අමෙරිකානු සඟයෙක්. අමෙරිකාව ලංකාවට එන්න හැදුවා ඔබට මතකයි 2016 දී යෝජනා තුනක් ආවා."

"අමෙරිකාව විදියට ඇවිත් කරගන්න බැරි වුණ දේ වෙස්මුණු බැඳගෙන ඇවිත් කරනවා ද? අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ වෙස්මුණු බැඳන් ආවත් නෑ අපි රැවටෙන්නේ කියලා. මම කියනවාට මේක විශ්වාස කරන්න එපා. මේ කියන කතාවල ඇත්ත නැත්ත හොයා බලන්න. එතකොට ජනතාවට තීරණය කරන්න පුළුවන් ගම්මන්පිල බොරු බිල්ලෝ මවනවා ද? නැත්නම් ඇත්ත බිල්ලා ගැන අනතුරු ඇඟවීමක් කරනවා ද කියලා."

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website