ඖෂධ මිලදී ගැනීමේදී තොග පාලනය පිළිබඳව වෛද්‍ය සැපයුම් අංශය සලකා බලා තොතිබූ බව එම විගණන වාර්තාවේ සඳහන්ය.
ජාතික විගණන කාර්යාලය විසින් මෙරට සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය සහ ආපදා කළමනාකරණ පද්ධතිය පිළිබඳව සිදුකළ විගණනයේදී මෙම කරුණු අනාවරණය වී ඇති බව වාර්තා වේ.
එම විගණනයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය හා ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් වූ නීතිමය රාමුව ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණ පද්ධතිය පිළිබඳව අවධානය යොමුකර තිබේ.
1980 වර්ෂයේ ස්ථාපිත කරන ලද ජාතික සෞඛ්‍ය සභාව සෞඛ්‍ය ගැටලු ඉහළ මට්ටමින් සාකච්ඡා කිරීම සඳහා වැදගත් වේදිකාවක් වුව ද එය 2004 වර්ෂයේ සිට රැස්වී නොමැති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
ජාතික සෞඛ්‍ය සභාව වැනි ඉහළ මට්ටමේ සෞඛ්‍ය සංවර්ධන ආයතනයක් නොමැති වීම හේතුවෙන් විවිධ ජාතික මෙහෙයුම් කමිටු සහ ජාතික කාර්ය සාධක බලකා කලින් කලට පිහිටුවීමට සිදුව ඇති බව ද එම වාර්තාවේ සඳහන්ය.
එම නිසා ජාතික සෞඛ්‍ය සභාව කඩිනමින් නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස ජාතික විගණන කාර්යාලය සිය නිර්දේශ මඟින් දැනුම් දී ඇත.
එමෙන්ම ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව ද වර්ෂයට රැස්වීම් දෙකක් පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් 2020 සහ 2021 යන වර්ෂ තුළ එක් රැස්වීමක් පවත්වා ඇති බව විගණනයේදී නිරීක්ෂණය වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සභාපතිත්වයෙන් යුත් සෞඛ්‍ය සංවර්ධන කමිටුව වසරකට රැස්වීම් 06ක් පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද 2020 වර්ෂයේ කමිටුව රැස්වී ඇත්තේ එක් වරක් පමණක් වන අතර 2021 වසරේ සිව්වරක් පමණක් රැස්වී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණය දුර්වල කිරීමටත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම දුර්වල කිරීමටත් හේතුවී ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දී තිබේ.
සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මට අනුව ජාතික සහ ප්‍රාදේශීය ඖෂධ ගබඩාවලට බලපාන අභ්‍යන්තර ආපදා සහ බාහිර ආපදා හා ඒවාට දැක්විය යුතු ප්‍රතිචාර සදහා අවදානම් තන්සේරුවක් හඳුනාගැනීමේ වගකීම වෛද්‍ය සැපයුම් අංශයට පැවරී තිබුණ ද මේ වසරේ මාර්තු මස 21 වන දින වන විට ද ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට කටයුතු කර නොමැති බව සඳහන්ය.
2021 වර්ෂය අවසන් වන විට වර්තමාන ආපදා සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම යාවත්කාලීන කිරීමට වෛද්‍ය සැපයුම් අංශය මඟින් සැලසුම් කර තිබූ අතර නියමිත කාලයට එම කාර්යය සම්පූර්ණ කිරීමට ඔවුන්ට නොහැකි වී ඇති බවය.
පසුගිය වසරේ අප්‍රේල් 20 වන දින වන විට රෝහල් 14ක ඖෂධ තොග පිළිබඳ විගණනයට අනුව ඉතා අත්‍යාවශ්‍ය ඖෂධ 15ක සහ අත්‍යාවශ්‍ය ඖෂධ 1205ක තොග නොතිබූ බව අනාවරණය වූ බව ජාතික විගණන කාර්යාලය සඳහන් කළේය.
ඊට අමතරව ඉතා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 49ක සහ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 943ක තොග පැවතියේ දින 30කට අඩු කාලයකට බව ද විගණනයේදී අනාවරණය වී තිබේ.
වෛද්‍ය සැපයුම් අංශය විසින් ඖෂධ තොගවල අවම මට්ටම, අවදානම් මට්ටම, නැවත ඇණවුම් මට්ටම, උපරිම මට්ටම සහ සාමාන්‍ය මට්ටම පවත්වාගෙන නොයෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බව අනාවරණය වී ඇත.
මේ අතර එන්නත් ඇතුළු සෑම මිලදී ගැනීමක් සඳහාම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු අතර ඖෂධ සඳහා කාර්යක්ෂම තොග පාලන ක්‍රමයක් හඳුන්වා දිය යුතු බව ජාතික විගණන කාර්යාලය සිය නිර්දේශ මඟින් පෙන්වා දී තිබේ.
ඊට අමතරව රටේ සමස්ත සෞඛ්‍ය තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා ඉහළ සෞඛ්‍ය තොරතුරු පද්ධතියක් ස්ථාපිත කළ යුතු බව ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
ADN