අඟහරුවාදා, 15 අගෝස්තු 2023 10:14

වනිඳු ටෙස්ට් පිටියට සමුදෙන්න සුදානමින් Featured

ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

වනිඳු සිය තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මඟින් දන්වා ඇති බව ක්‍රිකට් ආයතනය තහවුරු කළේය.

අදාළ ලිපියේ වනිඳු සඳහන් කර ඇත්තේ සීමිත පන්දුවාර තරග සඳහා වැඩි අවධානයක් යොමුකිරීමේ අරමුණෙන් තමා එම තීරණය ගත් බවය.

වනිඳු හසරංග ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 4කට සහභාගී වී කඩුලු 4ක් දවාගෙන ඇති අතර පිතිකරුවෙක් ලෙස ලකුණු 196ක් රැස්කරගෙන තිබේ.

ADN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website