බදාදා, 16 අගෝස්තු 2023 12:55

නව ඩිජිටල් හැඳුනුම්පතට ගිවිසුම් ගතවීම ඔක්තෝබරයේ Featured

ඉන්දීය ආධාර යටතේ මෙරටට හඳුන්වාදෙන නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කරන ආයතන හා ශ්‍රී ලංකා රජය ලබන ඔක්තෝම්බර් මාසයේදී ගිවිසුම් ගතවීමට නියමිතය.

ඊට අදාළ මූලික පියවර වෙනුවෙන් ඉන්දීය රුපියල් බිලියන 450 ක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගර රත්නායක මහතාට ලබාදී ඇත.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝකයේ තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් කිහිපයක් මෙරටට නොමිලේ දැනුම ලබාදෙන අතර බිල් ගේට්ස් සමාගමේ පදනමක් වන ඕල් සහ මිලින්ඩා ගේට්ස් පදනම ද ඒ අතර සිටී.

පුද්ගලයෙකුගේ ජෛව තොරතුරු (ලේ වර්ග ආදී තොරතුරු) ඇතුළු සියලු විස්තර ඔහු වෙනුවෙන් අන්තර්ජාල ගිණුමක තැන්පත්වේ. ඔහුගේ හෝ ඇයගේ අනුමැතිය ඇතිව බැංකු ගනුදෙනු ඇතුළු සියලු කටයුතු වෙනුවෙන් යොමුකිරීමේ පහසුකම්ද මෙම නව හැඳුනුම්පත සමඟ ඇතිවනු ඇත.

පුද්ගලයකුට තම රාජකාරී අවශ්‍යතාව ඉටුකර ගැනීම වෙනුවෙන් අදාළ ආයතන වෙත නොගොස් අන්තර්ජාලය ඔස්සේ කටයුතු කර ගැනීමේ පහසුකම මෙයින් ඇතිවේ

චමින්ද සිල්වා

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website