බදාදා, 16 අගෝස්තු 2023 13:03

සයිනොපෙක් සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි Featured

චීනයේ සයිනොපෙක් සමාගම සැප්තැම්බර් 20වැනිදා ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කර ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එසේම දැනට වෙළෙඳපොළේ ඉන්ධන අලෙවිකරන උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවිකිරීමට එම සමාගමට අවසර දී ඇති බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මෙම නව ගනුදෙනුව යටතේ, චීන සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 ක් පවත්වාගෙන යාම සඳහා වසර 20 ක බලපත්‍රයක් ලබා දෙන අතර නව ඉන්ධන පිරවුම්හල් 50 ක් සඳහා ආයෝජනය කිරීමට ද හැකි වනු ඇත.

එසේම ඔක්තෝබර් සහ නොවැම්බර් වන විට තවත් ජාත්‍යන්තර ඉන්ධන අලෙවි ක්‍රියාකරුවන් දෙදෙනෙකු මෙරට මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බව කංචන විජේසේකර ඇමතිවරයා පැවසීය.

 

SMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website