බදාදා, 16 අගෝස්තු 2023 13:05

IMF නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවට Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වැනිදා සිට 27 වැනිද දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා බවය.


පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3 කට ආසන්න ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කළේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website