බ්‍රහස්පතින්දා, 17 අගෝස්තු 2023 08:42

දිස්ත්‍රික්ක කිහිපයක ජල සැපයුම සීමා කෙරේ - ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය Featured

පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සැලසුම්, අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, මහනුවර, මොණරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජලය බෙදා හැරීම මේ වනවිටත් මුර ක්‍රමයක් යටතේ සිදු කෙරෙන බවයි.

කුරුණෑගල නගරයට ජලය බෙදා හැරීම ද සීමා කිරීමට සිදුව ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website