බ්‍රහස්පතින්දා, 17 අගෝස්තු 2023 08:45

ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව 29% ක් දක්වා පහළට - වාරිමාර්ග දෙපාර්තමේන්තුව Featured

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වාරි ජලාශ 73 ක ජල ධාරිතාව 29 % දක්වා පහත බැස තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනි විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, අනුරාධපුර, හුරුලුවැව සහ නාච්චාදුව යටතේ ඇති වී වගාවන් සඳහා තවත් ජල මුර කිහිපයක් ලබාදිය යුතු බවයි.

මේ අතර වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 36,000 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති මද්දුම බණ්ඩාර වීරසේකර මහතා සඳහන් කළේ, වැඩිම වගා හානියක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවය.

එම ප්‍රමාණය අක්කර 16,000 කි.

මේ දිනවල වලව ප්‍රදේශයට නිලධාරී කණ්ඩායමක් යවා එහි වගා හානි තක්සේරු කරමින් සිටින බව ද මද්දුම බණ්ඩාර වීරසේකර මහතා සඳහන් කළේ ය.

SN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website