සිකුරාදා, 18 අගෝස්තු 2023 14:52

හෝමාගම ගින්නෙන් විනාශ වූ කර්මාන්ත ශාලාවේ රහසක් හෙළිවේ Featured

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගින්නෙන් විනාශ වූ කර්මාන්ත ශාලාව සඳහා පරිසර බලපත්‍රයක් ලබාගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

අද පැවති මාධ්‍ය හමුවක දී එහි මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළේ රසායනික කර්මාන්ත ශාලාව තුළ ඇතිවූ ගින්නෙන් වායු ගෝලයට සහ අපජලය එක්වීමෙන් අවට පරිසරයට හානි සිදුව ඇති බවය.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන අදාළ කර්මාන්ත ශාලාව සහ ගබඩා සඳහා නිසි බලපත්‍ර ලබාදීමට ක්‍රියා නොකිරීම පිළිබඳ කර්මාන්ත පුරයේ පරිපාලනය ද වගකිව යුතු බව අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ගිනිගත් කර්මාන්ත ශාලාව ආශ්‍රිත ප්‍රදේශවලට නිකරුණේ ගමන් නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.ඊයේ රාත්‍රියේ හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබේ.

මෙම ගින්නෙන් තීන්ත නිෂ්පාදනාගාරයක් සහ රෙදි පිළි නිෂ්පාදනාගාරයක් විනාශවී තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා හොරණ සහ කෝට්ටේ ගිනිනිවන ඒකකවල ගිනිනිවන රථ 07ක් යොදවා තිබු අතර පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනිනිවන ඒකකයේ රථ ද යොමුකර තිබුණි.

 

DN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website