සෙනසුරාදා, 19 අගෝස්තු 2023 08:32

කොන්දේසි තුනක්: ඩීසල් බලාගාරයකින් මෙගාවොට් 100ක් ගන්න කොමිසමේ අනුමැතිය Featured

හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඩීසල් බලාගාරයකින් මෙගාවොට් සියයක් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැති ලබාදී තිබේ.

පෙරේදා (17 දා) කොමිසම ඊට අවසර දී ඇත. ප්‍රධාන කොන්දේසි තුනක් යටතේ ඉදිරි මාස හයක කාලයකට අදාළව ගිවිසුමකට අවසර දී තිබේ.

කුසලතා පදනම මත අදාළ විදුලිය මිලදී ගැනීම, විදුලිය ලබා ගැනීමෙන් පසුව එම මිලදී ගැනීම් පිළිබඳ විගණනයක් කිරීම සහ ලබන අගෝස්තු 31 වැනිදාට පෙර කොත්මලේ පොල්පිටිය කිලෝවොට් 220 රැහැන් ඇද අවසන් කළ යුතු බවද මහජන උපයෝගීතා කොමිසම අදාළ කොන්දේසි තුනට දමා ඇත.

ශිරාන් රණසිංහ

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website