සෙනසුරාදා, 19 අගෝස්තු 2023 08:43

කරාපිටිය ළමා හෘද කැතීටකරණ ඒකකයේ දොස්තරලා දෙන්නම ගිහින් Featured

රෝගීහු ළමා රෝහලට

කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටකරණ ඒකකයේ සිටි විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයකු රට හැර යෑම සහ අනෙක් වෛද්‍යවරයා පුහුණුව සඳහා විදේශ ගතවීම හේතුවෙන් ළමා රෝගීන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට යැවීමට සිදුවී තිබේ.

මේ තත්ත්වය දරුවන්ගේ ජීවිත අවදානමට ලක්කරන බවත්, අදාළ පරීක්‍ෂණ ප්‍රායෝගිකවම ප්‍රමාද වීමට අමතරව විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

උද්ගත වී ඇති තත්ත්වය තුළ දරුවන්ගේ දෙමවුපියන් දැඩි අපහසුතාවට සහ පීඩනයට පත්වී තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website