බදාදා, 15 පෙබරවාරි 2023 08:32

විදුලි බිල වැඩි කළොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා... - විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති Featured

විදුලි බිල යළිත් වැඩි කළ හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති පවසයි.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජනතාවද විරෝධය පළ කළ යුතු බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, තම විරෝධය මැද 66% ක විදුලි ගාස්තු වැඩි කිරීමේ විදුලි බල මණ්ඩල යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් තිදෙනා අනුමැතිය දුන් බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, එමගින් වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර වැය බරක් විදුලි පාරිභෝගිකයා වෙත පැටවෙන බවයි.

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව විදුලි බල පනතේ හා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව සමාලෝචනය කළ අතර එහිදී කොමිෂන් සභාවේ ගාස්තු ක්‍රමයට අනුමැතිය දීමට තමා හැර එහි සෙසු සමාජිකයින් වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර හා එස්.ජී.සේනාරත්න යන මහත්ම මහත්මීන් විරෝධය පල කළ බව ද ජනක රත්නායක මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website