ඉරිදා, 20 අගෝස්තු 2023 12:21

විශේෂඥ වෛද්‍ය හිගය පියවන අලුත්ම ක්‍රමය Featured

රජයේ රෝහල්හි පවතින විශේෂඥ වෛද්‍ය හිගය පියවීමට සෞඛ්‍ය අමාත්‍යංශය නව වැඩ පිළිවෙක් අනුගමනය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව සියලු පහසුකම් ලබාදී විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය යළි ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමවී ඇත. මෙය කෙටි කාලීන පියවරක් ලෙස අනුගමනය කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. එසේම පිට පළාත්වල රජයේ රෝහල්හි විශේෂඥ වෛද්‍යවරුන්ගේ පවතින හිගය නැති කිරීම සඳහා දැනට එහි සේවය කරන විශේෂඥ වෛද්‍යවරුනට වයස 63 දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා ඇතැයිද පවසයි. එසේම කිසියම් රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙක් වයස 63 සම්පූර්ණ කර විශ්‍රාම ගිය විට එම් අඩුව පිරවීමට වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙක් එම රෝහලට නොපැමිණෙන්නේ නම් කොන්ත්‍රාත් පදනම මත එම විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරයාට තවදුරටත් සේවය කළ හැකි යැයිද සඳහන් කරයි. ඊට අමතරව දැනට විශ්‍රාම ගොස් සිටින විශේෂඥ වෛද්‍යවරුන් යළි රජයේ රෝහල්හි සේවය කිරීමට කැමැති නම් ඔවුනට සියලු පහසුකම් සහිතව යළි සේවය කිරීමට අවස්ථාව ලබා දිය හැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website