ඉරිදා, 20 අගෝස්තු 2023 12:26

අධිකරණ සේවයට පඩි රහිත විදෙස් නිවාඩු බෑ Featured

අධිකරණ නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සලකා නොබැලීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අධිකරණ සේවයේ දැනට පවතින පුරප්පාඩු සහ සේවා අවශ්‍යතා හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. විදේශ රැකියාවල නිරත වීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත වසර 05ක නිවාඩුවක් ලබාදීමට රජය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබීය. කෙසේවෙතත් අදාළ චක්‍රලේඛයට අනුව මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සිදුකරන අධිකරණ නිලධාරීන්ගේ ඉල්ලුම්පත් සලකා බැලිය නොහැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ, පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් මඟින් සියලුම විනිසුරුවරුන්ට සහ මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දී තිබේ.්

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website