අඟහරුවාදා, 22 අගෝස්තු 2023 16:37

මොරගහකන්ද හිඳෙයි Featured

විදුලියට ජලය දීමත් නවතී

වී වගාවත් අවදානමේ

මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම පහත බැසීමත් සමග විදුලිය සැපයීම සඳහා අවශ්‍ය ජල ධාරිතාව අවම ජල මට්ටම 164 දක්වා පහත බැස ඇති නිසා ඉකුත් 19 දා සිට විදුලි උත්පාදනය සඳහා සපයන ජලධාරිතාව අත්හිටුවා ඇති බව මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය කාර්ය භාර ඉංජිනේරු පී. එස්. බණ්ඩාර මහතා පවසයි.

මොරගහකන්ද ජලාශයේ 19 වැනිදා පෙරවරුව වනවිට සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 105283 ක් බවද වර්තමාන සක්‍රීය ජල ධාරිතාව අක්කර අඩි 62661 ක් බවද මොරගහකන්ද කලාපයේ ජලාශ භාර ඉංජිනේරු බණ්ඩාර මහතා පෙන්වා දෙයි. වර්තමාන සක්‍රීය ජල ධාරිතා ප්‍රතිශතය 15.3% ක් බවද වාර්තා විය.

මෙම තත්ත්වය නිසා ඉදිරි කාලයේදී වර්ෂාව නොලැබුණහොත් වී වගාවට ජලය මුදාහැරීම ගැටලුවක් විය හැකි බව මහවැලි අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.

ජායාරූපයෙන් දක්වෙන්නේ මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව පහත බැස ඇති අයුරුයි.


ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website