අඟහරුවාදා, 22 අගෝස්තු 2023 17:00

අවසර ලැබුණත් වාහන ගේන්න බැහැලු Featured

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ලබා දුන් අවසරය මත ණයවර ලිපි නිකුත් කිරීමේ දී එම ණයවර ලිපි ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇතැයි වාහන ආනයනයකරුවෝ පවසති.

එනිසා පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ ඇතුළු රථ වාහන කාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන්න ද ඒවා ආනයනය කිරීමේදී ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බවද සඳහන් කරයි.මෙම ගැටලු විසඳීම සඳහා වහාම මැදිහත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වාහන ආනයනයකරුවන් සමග පැවැති සාකච්ඡාවක දී ඔවුන්ට දැනුම් දී ඇත.

එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු කණ්ඩායම් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි. අදාළ ණයවර ලිපි සඳහා රජයේ ඇපකර නිකුත් කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බව ද මුදල් රාජ්‍ය ඇමතිවරයා තවදුරටත් සදහන් කර ඇත.

DN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website