බදාදා, 23 අගෝස්තු 2023 10:33

ඖෂධ 216ක් රටේම හිඟයි Featured

රට තුළ ඖෂධ 216ක හිඟයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඖෂධ හිඟය ඉදිරි මාස කීපයේදී සියයකට අඩු සංඛ්‍යාවක් දක්වා පහත හෙළීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

ජීවිතාරක්‍ෂක ඖෂධ 14ක් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් නොමැති බවද හෙතෙම සඳහන් කරයි.

මේ වන විට භාවිතයේ පවතින ඖෂධ වර්ග 1300 කින් ආසන්න වශයෙන් ඖෂධ 383ක් අත්‍යවශ්‍ය ඖෂධ ලෙස සැලකේ. හිඟ ඖෂධ 216 කඩිනමින් මිලදී ගැනීමට උත්සාහ කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා කියා සිටී.

සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website