බදාදා, 23 අගෝස්තු 2023 10:37

රතු කුරුසය පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව සොයයි Featured

දිවයින පුරා තෝරා ගත් පාසල් සිසුවියන් 47,250කට වසරකට සරිලන සනීපාරක්ෂක තුවා පැකට්ටු ලබාදීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය පවසයි.මෙය පසුගිය ජුනි මස අවසාන වන විට ලබාදී ඇතැයි ද සදහන් කරයි.

එය දිවයිනේ රතු කුරුස ශාඛා දහයක් හරහා බෙදාහැරීමට පියවර ගෙන ඇත.මේ සදහා බ්‍රිතාන්‍ය රජයේ ආධාර මත සනීපාරක්ෂක තුවා පැකට්ටු 45,000ක් ද ජපන් රජය ලබා දුන් ආධාර යටතේ සනීපාරක්ෂක තුවා පැකට්ටු 360,000ක් ද ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් මිලට ගෙන තිබේ.වැඩිවියට පත් පාසල් සිසුවියන්ට ලබාදීම සදහා ඉන් පැකට්ටු 14400ක් මේ වන විට සියලුම දිස්ත්‍රික්ක වෙත බෙදාහැර ඇතැයිද සදහන් කරයි.

 

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website