බ්‍රහස්පතින්දා, 24 අගෝස්තු 2023 09:36

බොරු ප්‍රචාර නිසා ළමා රෝහලට දරුවන් ගේන්න අම්මලා බය වෙලා – සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Featured

“දිගින් දිගටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මාධ්‍ය හා දේශපාලනඥයන් බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලට ඇතුළත් කරන දරුවන් මැරෙනවා කියලා සංවිධානාත්මක බොරු ප්‍රචාරය කරනවා.

ඒ නිසා දරුවන් රෝහලට ගේන්න දෙමාපියන් බියක් දක්වනවා කියලා වෛද්‍යවරුන් මට පැවසුවා. ළමා රෝහල කියන්නේ සංවේදී තැනක්” යැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය.

ළමා රෝහලේ මැනවින් කැපකිරීම් කරන ළමා රෝග වෛද්‍යවරුන්ට දිගින් දිගටම වාග් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් අධෛර්යවත් කිරීම තුළින් සතුටු වන සංවිධානාත්මක පිරිස සිදුකර ගනුයේ විශාල පාපයක් යැයි ද හෙතෙම කීය.

දිගින් දිගටම බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට එල්ල වන විවේචන සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඒ මහතා එසේ කීය.

ළමා රෝහලේ වෛද්‍යවරුන් පුදුම කැපකිරීමක් දරුවන් වෙනුවෙන් කරන්නේ. ඒ අය දරුවන්ට ආදරෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ නිලධාරීන් 4 දෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්නවා. ඒ අය සමහර වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්, අලුත් පත්වීම් සම්බන්ධයෙන් බලපෑම් එල්ල කරනවා. මම ඒ අයගේ බලපෑම්වලට යට නොවී කටයුතු කරන නිසා ඒ අය මට පහර ගහනවා යැයි ද කීවේය.


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website