බ්‍රහස්පතින්දා, 24 අගෝස්තු 2023 09:39

අධික උණුසුම අගෝස්තුව අවසන් වන තෙක්ම: කාලගුණයෙන් රතු නිවේදනයක් Featured

අගෝස්තු මාසය අවසන් වන තෙක්ම අධික උණුසුම් තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය.

ශරීරයට දැනෙන මෙම උෂ්ණත්වය ගැන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව ද හෙතෙම කීය.

පෙරේදා (22 දා) දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ද ඒ මහතා කියා සිටියේය. එම ප්‍රමාණය සෙල්සියස් අංශක 37.8 ක් වේ.

මේ අතර දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දෙවැනි අන්තර් මෝසම් වර්ෂාව ලැබෙන ඔක්තෝබර්, නොවැම්බර් වන තුරුම වියළි කාලගුණික තත්ත්වයක් දිවයින පුරා පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

විශේෂයෙන්ම, උතුර, උතුරුමැද, වයඹ පළාත්වලට ශරීරයට දැනෙන අධික උෂ්ණත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

දැනට දිවයින පුරා අධික උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් ද නිකුත් කර තිබේ.


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website