බදාදා, 15 පෙබරවාරි 2023 10:15

විදලි ගාස්තු වැඩි කරන්න අනුමැතිය ලැබේ.. ගෘහස්ත කාණ්ඩය 250%කින්.. අද සිට ක‍්‍රියාත්මකයි.. Featured

විදුලි ගාස්තු 66% කින් වැඩි කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ බහුතර සාමාජිකයන් විසින් අනුමැතිය ලබාදී තිබේ.

එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ තම විරෝධය මැද සෙසු සාමාජිකයන් තුන්දෙනා මේ සඳහා අනුමැතිය දී ඇති බවයි.
කොමිෂන් සභාව ගාස්තු වැඩි කිරීමට යෝජනා කළේ 36%කින් වුවත් සෙසු සාමාජිකයන් තිදෙනා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ 66%කින් මිල ඉහළ නැංවීමේ යෝජනාවට අනුමැතිය පළ කරන ලද බවත් ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙම ගාස්තු නැංවීමත් සමග ඒකක 90 ට අඩුවෙන් පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ ගාස්තු වැඩිවීම 250%ක් දක්වා ඉහළ යන බව ද හෙතෙම පැවසීය.

මෙම ගාස්තු වැඩි කිරීම අද දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website