සිකුරාදා, 25 අගෝස්තු 2023 07:45

නිර්වින්දන ඖෂධයක් නෑ! නුවරඑළිය රෝහලේ සැත්කම් අවදානමේ Featured

නිර්වින්දන ඖෂධයක් වන අයිසොෆ්ලොරේන් ෆ්ලොරේන් (iso Florane) නොමැතිවීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම අද (25 දා) වනවිට සම්පූර්ණයෙන්ම නතරවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මීට සමාන මිල අධික නිර්වින්දන ඖෂධයක් භාවිත කරමින් මේ වනවිට එම රෝහලේ හදිසි සැත්කම් පමණක් සිදු කළත් අද දිනය තුළ අදාළ නිර්වින්දන ඖෂධය රෝහලට සැපයීමට බලධාරීන් ක්‍රියා නොකළහොත් එහි සියලු සැත්කම් නවතා දැමීමට සිදුවනු ඇතැයි ද එම සංගමය අනතුරු අඟවා සිටී.

සුජීව තත්සර

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website