සිකුරාදා, 25 අගෝස්තු 2023 07:48

තරුණයා මියගියේ පොලිසියේ පහරදීමෙන්ද? ප්‍රකෝප වූ ජනතාව නිලාවේලි ත්‍රිකුණාමලය පාර වසා විරෝධතාවක Featured

මරණය සැක සහිතයි – ඥාතීහු කියති
ත්‍රීකුණාමල පොලිසියේ සිර මැදිරිය තුළ සැකකරුවකු ගෙල වැළලාගෙන මියයෑමේ සිද්ධියක් මුල් කරගෙන ත්‍රීකුණාමල ජමාලියා හන්දියේදී පෙරේදා (23 දා) රාත්‍රියේ කුපිත වූ පිරිසක් මාර්ගය වසාදමා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබුණි.

මෙම විරෝධතාකරුවන් මහා මාර්ගයේ ටයර් පවා පුළුස්සා මෙසේ විරෝධය දක්වා තිබුණි.

පැය කීපයක් පවත්වාගෙන ගිය මෙම විරෝධතා ව්‍යාපාරය පොලිස් ප්‍රධානීන් මැදිහත් වී සමථයකට පත් කළේය. මියගිය පුද්ගලයාගේ පවුලේ පාර්ශ්වය කියා සිටින්නේ මෙම මරණය සැක සහිත බවය.

ඉකුත් 22 වැනිදා මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර පොලිසියේ රඳවාගෙන ඔහුට පහරදුන් බව ඥාතීහු පවසති. ධීවර වාඩියකට ගොස් පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ත්‍රිකුණාමලය පොලිසිය පවසන ආකාරයට මොහු එම පොලිසියේ සිරමැදිරිය තුළ ඔහුගේ කමිසය උපයෝගී කරගෙන මෙසේ මියගිය බවය. ඔහු ගෙල වැළලා මියයන ආකාරය කිසිවකු නොදැක ඇති බවද පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ එස්. මොහොමදු නමැති 26 හැවිරිදි ධීවර තරුණයෙකි. මෙම සැකකරු සොරකමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන මෙසේ සිර කූඩුවේ රඳවා තබා ඇත. පොලිසිය පවසන්නේ මොහු මෙසේ මියගියේ ඉකුත් 23 වැනිදා සවස් කාලය තුළදීය. මරණය සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සැකකරු මියගිය දින එම පොලිසියේ රාජකාරි කළ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන යන බව දැන ගැනීමට ලැබී තිබේ. සැකකරු මෙසේ ගෙල වැළලා මියයන අයුරු කිසිවකු දැක නැති බවද කවුරු හෝ එය දුටුවේ නම් එය වැළැක්වීමට පවා ඉඩ තිබූ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ‘දිවයින’ ට පැවසීය. ඒ අනුව ඔහු ගෙල වැළලා මියගිය සුලමුල පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ස්ථිර වශයෙන්ම අනාවරණය විය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය. තවද මොහු මෙසේ මියයෑමේ සිද්ධිය කිසිවකු නොදැකීමත් අභිරහසක් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

නෝමන් පලිහවඩන, සමන් මල්ලවආරච්චි – ත්‍රීකුණාමලය සහ කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website