සෙනසුරාදා, 26 අගෝස්තු 2023 10:58

බොරු කරුණුවලට අහුවෙන්න එපා, ඔන් ලයින් ලණු කන්න එපා – මහ බැංකුව Featured

මාර්ගගත ක්‍රම (ඔන්ලයින්) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම නීත්‍යනුකූල බව හුවාදැක්වීම සඳහා සාධාරණීකරණය කරමින් නොයෙකුත් ආකාරයේ ව්‍යාජ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟ යවා මුදල් තැන්පතු කරවා ගැනීමට හෝ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මේ පැමිණිලි ලැබී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසිවලට අනුකූලව ආයෝජකයන්ගේ අරමුදල් යෝජනා ක්‍රමය ආරක්ෂා කරන බව, යෝජනා ක්‍රමය මගින් අදාළ බදු මුදල් රජයට ගෙවන බව, යෝජනා ක්‍රමයට සහභාගිවන්නන්ගේ මුදල් නැවත ලබා ගැනීම සඳහා ඔවුන්ගේ පුද්ගලික මුදලින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආදායම් බද්දක් ගෙවිය යුතු අතර එසේ නොකළහොත් ඔවුන්ගේ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත් හිටුවන බව සහ මෙම යෝජනා ක්‍රම ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කරන බව වැනි කරුණු ඔවුන් ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මෙම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් මහජනතාවට දැනුම් දෙන බව මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බලපත්‍රලාභී සහ නියාමනය කරනු ලබන ආයතනයන්හි ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ සහ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා ඇත.

මෙවැනි යෝජනා ක්‍රම පිළිබඳව සුපරීක්ෂාකාරීව සහ අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට කාරුණිකව උපදෙස් දෙනු ලැබේ.

තවද, එවැනි යෝජනා ක්‍රමවලට සම්බන්ධ වීමෙන් තමන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් අහිමි වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බැවින් එවැනි යෝජනා ක්‍රමවල නිරත නොවන ලෙස හෝ ආයෝජනය නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.

 

ශ්‍යාම් නුවන් ගනේවත්ත

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website