ඉරිදා, 27 අගෝස්තු 2023 10:14

අල්ලස් කොමිසමට දූෂණ පැමිණිලි 2512ක් Featured

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉකුත් 2022 වර්ෂයේ දී දූෂණ චෝදනා සම්බන්ධ පැමිණිලි 2512ක් ලැබී ඇති බැව් එම කොමිෂන් සභාව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රගති වාර්තාවේ සඳහන් වෙයි.

මෙම පැමිණිලි අතුරින් වැටලීම් සඳහා ලද පැමිණිලි සංඛ්‍යාව 69කි. විමර්ශනය සඳහා අල්ලස් හා දූෂණ පැමිණිලි 846ක්, අයුතු වත්කම් ඉපයීම් පිළිබඳ පැමිණිලි 75ක් සඳහා නියෝග ලැබ තිබුණි. කොමිෂන් සභාවට ලද පැමිණිලි අතුරින් පැමිණිලි 440ක් කොමිෂන් සභා පනතට අදාළ නොවූ බැවින් වෙනත් ආයතන සඳහා යොමු කර ඇත. ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොතිබීම හා අපැහැදිලි බව හේතුවෙන් පැමිණිලි 928ක් ඉවත් කර ඇත.

ලලිත් චාමින්ද

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website