මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකළ යුතු අතර කුඩා ළමුන්, වැඩිහිටි හා රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අද සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දහවල් 12:11ට කොවිලන් තුඩුව සහ මල්ලාකම් (යාපනය දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.මේ අතර වියළි කාලගුණ තත්ත්වයත් සමග දිවයින පුරා බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 290,000 ඉක්මවා ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.දිවයිනේ දිස්ත්‍රික්ක 19ක පවුල් 84,646කට අයත් පුද්ගලයින් 291,720 දෙනෙකු වියළි කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.