බදාදා, 30 අගෝස්තු 2023 10:47

අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය: 'තාත්තට කොච්චර ආදරෙයි ද කියලා මට එයාට කියන්න බැරිවුණා' Featured

2010 ජනවාරි 24 වන දා, ලංකාවේ ජනාධිපතිවරණයට දින දෙකක් තිබිය දී, හරිත් එක්නැළිගොඩගේ පියා වූ ප්‍රගීත් අතුරුදන් වූ බවට වාර්තාවන විට හරිත්ගේ වයස අවුරුදු 13කි.

 

මාධ්‍යවේදියෙකු, කාටූන් ශිල්පියෙකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ ප්‍රගීත්, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය විවේචනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා සිටියේ ය. ඔහුගේ අතුරුදන්වීමට කිසිදු සම්බන්ධයක් ඇතැ යි යන්න ශ්‍රී ලංකා රජය සහ යුද හමුදාව ප්‍රතික්ෂේපකර තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව 1980 ගණන්වල අග භාගයේ සිට ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 60,000ත් 100,000ත් අතර පිරිසක් අතුරුදහන්වී තිබේ.

බීබීසී

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website