බදාදා, 30 අගෝස්තු 2023 10:52

රෝගීන්ට මරු කැඳවන ඖෂධ WHO රසායනාගාරවලට යවන්න – පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු කියති Featured

ඖෂධ අසාත්මිකතා හේතුවෙන් රෝගීන් මිය යන්නේ නම් ඒවා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර වෙත යොමු නොකරන්නේ ඇයි දැයි, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසති.

අසාත්මිකතා ඇති කළ ඖෂධ සඳහා වගකිව යුතු සමාගම් එම ඖෂධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කිරීමට කැමැත්ත පළකරද්දීත් සෞඛ්‍ය අමාත්‍යංශය ඒ පිළිබඳව කටයුතු නොකිරීම ප්‍රශ්නයක් බව පෙරේදා (28 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය වෘත්තීයවේදීහු පැවසූහ.

අසාත්මිකතා හේතුවෙන් රෝගීන් මිය යෑම සාමාන්‍ය තත්ත්වයක් බවට ඒත්තු ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි. එහෙත් ක්‍රමවේදයේ දුර්වලතා හඳුනාගෙන පිළියම් යෙදීමට හෝ එම අසාත්මිකතා සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්‍ෂණ මෙරටදී හෝ වෙනත් රටකදී සිදු කිරීමට පියවර ගෙන නැතැයිද වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය චෝදනා කරයි.

සුජීව තත්සර

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website