බදාදා, 30 අගෝස්තු 2023 10:57

මෛත්‍රී ඇතුළු පිරිසකට වන්දි ගෙවීමට නියම කළ පාස්කු නඩුව ලබන 15 යළි ශ්‍රේෂ්ඨාධිකරණයට Featured

පාස්කු ප්‍රහාර මාලාව එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට අපොහොසත් වීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් විසින් පාස්කු වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තම අධිකරණය නිගමනය කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේදී යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් සම්බන්ධයෙන් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු වගකිවයුත්තන් පිරිසකට එරෙහිව තීන්දුවක් ලබාදෙමින් ඔවුන් සිදුකළ රාජකාරි හා වගකීම් පැහැර හැරීමට වන්දි ගෙවන ලෙසට නියෝග කොට තිබිණි. පසුගිය ජනවාරි 12 වැනිදා ඒකමතිකව ලබාදී තිබූ එම තීන්දුව මගින් නියම කළ වන්දි මුදල් එදින සිට මාස හයක කාලයක් ඇතුළත ගෙවන ලෙසට ද වගඋත්තරකරුවන්ට නියෝග කොට තිබිණි. කෙසේ නමුත් එකී අධිකරණ නියෝග අනුව බොහෝ වගඋත්තරකරුවන් නිසියාකාරව වන්දි මුදල් ගෙවීමක් සිදුකර නොමැති බව පෙන්වා දෙමින් මාස හයක කාලය ඉකුත් වීමෙන් පසුව නීතිපතිවරයා විසින් සවිස්තර වාර්තාවක් මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර තමන් සියලු මුදල් ගෙවීමට තවත් දීර්ඝ කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා මෛත්‍රිපාල සිරිසේන මහතා ද මෝසමක් ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website