සිකුරාදා, 01 සැප්තැම්බර් 2023 11:16

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇති දූෂිත ගනුදෙනු සොයන්න ඇමැතිගෙන් කමිටුවක් Featured

කමිටු වැඩක් නෑ : දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී. චමල් සංජීව

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇතැයි පැවසෙන දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ලවීමෙන් පසු ඒ සම්බන්ධව සොයා බලා ප්‍රසම්පාදන කමිටුවල දෘශ්‍යභාවයන් වළක්වා ගැනීම සඳහා නිරීක්‍ෂණ සහ යෝජනා ඉදිරිපත් කිරීමටත් අදාළ කටයුතු සම්බන්ධයෙන් විශේෂ විශ්ලේෂණාත්මක වාර්තාවක් ලබා ගැනීම සඳහා මෙම විශේෂ කමිටුව පත් කිරීමට ඇමැතිවරයා පියවර ගෙන තිබේ.

මේ අතර අදාළ කමිටුව පිළිබඳව අදහස් දක්වමින් පෙරේදා (30 දා) පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා ප්‍රකාශකර සිටියේ සෞඛ්‍ය ඇමැතිවරයා සිදුකළ යුතු වන්නේ කමිටු පත් කිරිම නොව, සිදුව ඇති දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ දේශපාලකයන් සහ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස්කර දීම බවයි.

එසේම ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධානය යොමු නොකිරීම කනගාටුවක් බවත්, ඉතා ඉක්මණින් මෙම දූෂිත ගනුදෙනු සම්බන්ධව පරීක්‍ෂණ කඩිනම් කරවීමේ වගකීම ද ජනපතිවරයා සතු කරවීමේ වගකීමද ජනපතිවරයා සතු බවද වෛද්‍ය චමල් සංජීව මහතා එහිදී පැවසීය.

සුජීව තත්සර

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website