සිකුරාදා, 01 සැප්තැම්බර් 2023 11:18

කැලණි වැලි දුම්රිය ධාවනය වෙනසක් Featured

කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සති දෙකක කාලයක් සදහා පරීක්ෂණ ධාවනයක් සදහා සංශෝධනය කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.ඒ අනුව සීතාවක ඔඩිසි 9255 ශීඝ්‍රගාමී දුම්රිය ඉරිදා පමණි.සීතාවක ඔඩිසි 9255A ශීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා පමණි.

කොළඹ කොටුව අවිස්සාවේල්ල දිනපතා දුම්රිය පෙරවරු 8.30ටකොටුවෙන් ධාවනය ආරම්භ කරයි.කොළඹ කොටුව සිට පාදුක්ක දිනපතා 9260 දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 1.55ට ධාවනය ආරම්භවේ.කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ඉරිදා හැර ධාවනය වන ශීඝ්‍රගාමී 9261 දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 4.00ට ධාවනය ආරම්භ කරයි.කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ඉරිදා පමණක් ධාවනය වන ශීඝ්‍රගාමී 9261දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 4.00ට ධාවනය වේ.කොළඹ කොටුව සෘට අවිස්සාවේල්ල දක්වා සෙනසුරාදා සහ ඉරිදා හැර ධාවනය වන 9262 දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 4.25ට ගමන් අරඹයි.කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා සෙනසුරාදා පමණක් ධාවනය වන 9262A දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 4.45ට ධාවනය ආරම්භ කරයි.කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ඉරිදා පමණක් ධාවනය වන 9262B දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 4.25ට ගමන් ආරම්භවේ.කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා සෙනසුරාදා සහ ඉරිදා හැර ධාවනය වන 9263 දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 4.50ට ධාවනය ආරම්භ කරයි.කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ඉරිදා දිනවල පමණක් ධාවනය වන 9263A දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 4.50ට ධාවනයවේ.කොළඹ කොටුව සිට කොස්ගම දක්වා සෙනසුරාදා සහ ඉරිදා හැර ධාවනය වන ශීඝ්‍රගාමී 9265 දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 5.15ට ධාවනය ආරම්භ කරයි.කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ඉරිදා පමණක් ධාවනය වන ශීඝ්‍රගාමී 9265A දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 5.20ට ගමන් ආරම්භ කරයි.කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා සෙනසුරාදා සහ ඉරිදා හැර ධාවනය වන 9264 දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 5.45ට ධාවනය ආරම්භ කරයි.කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා සෙනසුරාදා පමණක් ධාවනය වන 9264A දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 5.45ට ගමන් ආරම්භ කරයි.කොළඹ කොටුව සිට කොස්ගම දක්වා සෙනසුරාදා සහ ඉරිදා හැර ධාවනය වන 9269 දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 6.30ට ගමන් ආරම්භවේ.කොළඹ කොටුව සිට කොස්ගම දක්වා සෙනසුරාදා පමණක් ධාවනය වන දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 6.30ට ගමන් ආරම්භ කරයි.කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ඉරිදා පමණක් ධාවනය වන 9269B දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 6.30ට ධාවනය ආරම්භ කරයි.කොළඹ කොටුව සිට පාදුක්ක දක්වා සෙනසුරාදා හැර ධාවනය වන 9270 දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 7.15ට ධාවනය ආරම්භවේ.කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ඉරිදා හැර ධාවනය වන 9271 දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 8.00ට ගමන් ආරම්භ කරයි.කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ඉරිදා හැර ධාවනය වන 9271A දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 8.00ට ධාවනය ආරම්භවේ. පහළ මාර්ගයේ කොස්ගම සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන 9648 දුම්රිය කොස්ගමින් පස්වරු 4.25ට ගමන් ආරම්භ කරයි.අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ඉරිදා හැර ධාවනය වන 9646 දුම්රිය අවිස්සාවේල්ලෙන් පස්වරු 4.55ට ගමන් ආරම්භ කරයි.අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ඉරිදා පමණක් ධාවනය වන 9646A දුම්රිය අවිස්සාවේල්ලෙන් පස්වරු 4.50ට ධාවනය ආරම්භ කරයි.පාදුක්ක සිට කොළඹ කොටුව දක්වා ඉරිදා හැර ධාවනය වන 9647 දුම්රිය පාදුක්කෙන් පස්වරු 5.20 ධාවනය ආරම්භවේ.අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ඉරිදා හැර ධාවනය වන 9649 දුම්රිය අවිස්සාවේල්ලෙන් පස්වරු 5.20ට ගමන් ආරම්භ කරයි.අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ඉරිදා පමණක් ධාවනය වන 9649A දුම්රිය අවිස්සාවේල්ලෙන් පස්වරු 5.30ට ගමන් ආරම්භ කරයි.කොස්ගම සිට කොළඹ කොටුව දක්වා ඉරිදා හැර ධාවනය වන ශීඝ්‍රගාමී 9652 දුම්රිය කොස්ගමින් පස්වරු 6.05ට ධාවනය ආරම්භ කරයි.කොස්ගම සිට කොළඹ කොටුව දක්වා ඉරිදා පමණක් ධාවනය වන 9641A දුම්රිය කොස්ගමින් පස්වරු 6.20ට ධාවනය ආරම්භ කරයි.අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා සෙනසුරාදා හැර ධාවනය වන 9651 දුම්රිය අවිස්සාවේල්ල සිට පස්වරු 6.25ට ගමන් ආරම්භ කරයි. අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා සෙනසුරාදා පමණක් ධාවනය වන 9651A දුම්රිය අවිස්සාවේල්ල සිට පස්වරු 6.25ට ගමන් ආරම්භ කරයි. වග සිට කොළඹ කොටුව දක්වා ඉරිදා හැර ධාවනය වන 9641 දුම්රිය වග සිට පස්වරු 6.30ට ගමන් ආරම්භ කරයි.පාදුක්ක සිට කොළඹ කොටුව දක්වා ඉරිදා හැර ධාවනය වන 9650 දුම්රිය පාදුක්ක සිට පස්වරු 7.10 ට ගමන් ආරම්භ කරයි.පාදුක්ක සිට කොළඹ කොටුව දක්වා සෙනසුරාදා සහ ඉරිදා හැර ධාවනය වන 9661දුම්රිය පාදුක්ක සිට පස්වරු 3.45ට ධාවනයවේ.පාදුක්ක සිට කොළඹ කොටුව දක්වා සෙනසුරාදා පමණක් ධාවනය වන 9661A දුම්රිය පාදුක්ක සිට පස්වරු 3.45ට ගමන් ආරම්භ කරයි.පාදුක්ක සිට කොළඹ කොටුව දක්වා ඉරිදා පමණක් ධාවනය වන 9661B දුම්රිය පාදුක්ක සිට පස්වරු 3.45ට ධාවනය ආරම්භවේ.සීතාවක ඔඩිසි ශීඝ්‍රගාමී ඉරිදා පමණක් ධාවනය වන 9655 දුම්රිය අවිස්සාවේල්ල සිට පස්වරු 5.25ට ගමන් ආරම්භ කරයි.සීතාවක ඔඩිසි ශීඝ්‍රගාමී සෙනසුරාදා පමණක් ධාවනය වන 9655A දුම්රිය අවිස්සාවේල්ල සිට පස්වරු 6.20 ධාවනයවේ.

 

DN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website