සෙනසුරාදා, 02 සැප්තැම්බර් 2023 16:41

සපුගස්කන්ද පිරිපහදුව 18 දා සිට ඔක්.8 තෙක් වසයි Featured

සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව මෙම 18 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා නිෂ්පාදන කටයුතුවලින් බැහැර වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර තිබේ.

සපුගස්කන්ද පිරිපහදුව පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාවය නැවත පිහිටුවා යථා තත්ත්වයට පත්කර ගැනීම උදෙසා මෙම පියවර ගන්නා බව සංස්ථාව කියයි.

මෙම අත්‍යවශ්‍ය තාක්‍ෂණික කටයුතුවලින් අනතුරුව සැලසුම් කළ පරිදි ඔක්තෝබර් මස 08 වන දින සිට නැවත පිරිපහදුව නිෂ්පාදන කටයුතු පූර්ණ ධාරිතාවයෙන් යුක්තව අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය බොරතෙල් වසර අවසානය දක්වා මේ වන විටත් ඇණවුම් කර ඇති බව සංස්ථාව කියයි.

එසේම පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් ඇතුළු සියලුම ඉන්ධන තොග සංචිත කිසිදු හිඟයකින් තොරව දේශීය ඉන්ධන වෙළෙඳ පොළට නිකුත් කිරීමට හැකි බවත් ඉදිරියට ආනයනික ඉන්ධන තොග සඳහා අවශ්‍ය ඇණවුම්ද මේ වන විට සැලසුම් කර ඇති බවත් සංස්ථාව නිවේදනය කර තිබේ.

චමින්ද සිල්වා හා ශිරාන් රණසිංහ

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website