ඉරිදා, 03 සැප්තැම්බර් 2023 12:30

දේශිය ආදායම් තොරතුරු පද්ධති ගැටලු ලිහන්න කෝටි හතක් ගිහින් Featured

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන ගැටලු සඳහා සිදුකරනු ලැබූ යම් යම් වෙනස්කම් වෙනුවෙන් විටින් විට රුපියල් හත්කෝටි දාහත්ලක්ෂ විසිතුන්දහස් හයසිය හැට දෙකක අමතර මුදලක් (71,723,662) සිංගප්පූරු ආයතනයකට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී තොරතුරු පද්ධතියේ වෙනස්කම් සිදුකිරීමට ගතවන මිනිස් දිනක් සඳහා සිංගප්පූරු ආයතනයට දළ වශයෙන් රුපියල් 185,017ක මුදලක් වැය වන බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මෙකී තොරතුරු පද්ධතිය නිර්මාණය කිරීමේදී පද්ධති අවශ්‍යතා විශ්ලේෂණය පිළිබඳ අවධානය යොමු නොකිරීම නිසා අමතර මුදලක් මෙකී ආයතනයට ගෙවීමට සිදුවී ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙකී තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කර තිබූ අතර මේ සඳහා රුපියල් බිලියන 04ක මුදලකට සිංගප්පූරු ආයතනයක් සමග ගිවිසුම්ගතව තිබුණි.

ලලිත් චාමින්ද

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website