ඉරිදා, 03 සැප්තැම්බර් 2023 12:36

කඳුකරයේ ජලාශ වැස්සෙන් පිරේ Featured

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අධික වර්ෂාව ඇද හැලෙමින් පවති.

මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මස්කෙළිය ඔය ආරම්භවන මීරියාකෝට්ටේ හා ශ්‍රීපාද රක්ෂිතයට අධික වැසි ඇද හැලීමෙන් මස්කෙළිය ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන මරේ හා ගාඩ්මෝර් දිය ඇලිවල ජල මට්ටමද ඉහළ ගොස් තිබේ.
අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නගින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website