අඟහරුවාදා, 05 සැප්තැම්බර් 2023 10:15

සන්ධානයට ඩලස් නාවත් නිදහස ජනතා සභාවේ 9ක් සජිත් සමග ඉන්නවා – සජබ ජ්‍යෙෂ්ඨයෙක් කියයි Featured

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය විසින් පිහිටුවීමට යන දේශපාලන සන්ධානයට නිදහස ජාතික සභාවේ ඩලස් අලහප්පෙරුම මහතා එක් නොවන බව සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ට පැවසීය.

විපක්ෂ නායක සජිත් වෙනුවට ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා කරන බව කී ඉහත ජ්‍යෙෂ්ඨයා ඩලස් නාවත් සජබය දේශපාලන සන්ධානයක් ආරම්භ කරන බව කියා සිටියේය.

සන්ධානය පිහිටුවීම සඳහා ඩලස් අලහප්පෙරුම මහතා එක් නොවුවද ඔහුගේ නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනාගෙන් 09 දෙනකුම විපක්ෂ නායක සජිත් සමග සිටින බවද හෙතෙම පැවසීය. නව සන්ධානයේ ව්‍යවස්ථාව ද මේ වන විට සකස් කර අවසන් බව ද එය වට්ස්ඇප් හරහා පක්ෂ නායකයන් වෙත යවා තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


අකිත පෙරේරා

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website