අඟහරුවාදා, 05 සැප්තැම්බර් 2023 10:18

පාස්කු ප්‍රහාරය පිළිබඳ අන්තර්ජාල ප්‍රකාශ නිසා කීර්තිනාමයට හානි වුණා – රාජ්‍ය බුද්ධි ප්‍රධානී උසාවියට කියයි Featured

පාස්කු ප්‍රහාර මාලාවට අදාළව අන්තර්ජාලය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශ නිසා තමන්ගේ වෘත්තීය ජීවිතයට හා සිය කීර්තිනාමයට දැඩි හානියක් සිදුවූයේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි තුවාන් සුරේෂ් සලෙයි මහතා ඊයේ (4 දා) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් පැවසීය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් වූ අන්තර්ජාතික යුක්ති සංසදය විසින් 2021.10.23 වැනිදා සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවේදී අනාවරණය කළ විවිධ කරුණු නිසා 36 වසරක් වූ සිය රාජකාරි ජීවිතයට පමණක් නොව සිය දරුවන්ට ද බලවත් අගතියක් සිදුවූයේ යැයි ද නීතිඥ පහන් වීරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දෙමින් හෙතෙම පැවසීය.

එම සාකච්ඡාවේදී කළ ප්‍රකාශයක් මගින් සිදුවූ හානියට රුපියල් මිලියන 50 ක වන්දියක් ඉල්ලා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාට එරෙහිව පවරා තිබූ එම නඩුවේ වැඩිදුර විභාගය ලබන ජනවාරි 25 වැනිදා දක්වා කල්තැබීමට ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කළේය.

විත්තිකාර සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ද ඊයේ (4 දා) අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ විමල් රත්වත්ත මහතා සමග ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා පෙනී සිටියේය.


ඒ. ජේ. ඒ. අබේනායක

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website