අඟහරුවාදා, 05 සැප්තැම්බර් 2023 10:45

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක සභාවට දැනුම්දෙයි Featured

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

අද (05) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ බව දැනුම් දුනි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය අගෝස්තු 28 වනදා අවසන් කළේය.

ඒ අනුව, එම තීන්දුව කථානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් වන චතුරංග අබේසිංහ ඇතුළු දෙදෙනෙකු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත්තේ, දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩසටහන ප්‍රමාද කිරීම මඟින් විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අස්ථාවර කිරීමට දේශපාලනික බලවේග කිහිපයක් ක්‍රියාත්මක වු බවය.

එහි එක් පියවරක් ලෙස දේශීය ආදායම් (සංශෝධිත) පනත් කෙටුම්පතට අදාළ ජුලි 14 වන දින ප්‍රකාශිත ගැසට් නිවේදනය සම්බන්ධව අධිකරණමය පියවර ගැනීමට පෙළඹුණු බව ද එම සටහනේ දැක්වේ.

ඒ අනුව අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම්දීම තුළින් ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධව දේශීය හා විදේශීය විශ්වාසනීයභාවය තහවුරු වන අතර දුෂ්ඨ බලවේග දැරු උත්සහය ව්‍යාර්ථ වු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඔවුන්ගේ උත්සහය වුයේ ගොඩනැගෙන ආර්ථිකය හා රට දුර්වල කර පටු දේශපාලනික අරමුණු ඉටුකරගැනීම බවද ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website